Life
පීනස හැදෙන්නෙ මෙහෙමයි
සනීප කරගන්නෙ මෙහෙමයි
පීනස් රෝගය ගැන මතුපිටින් අප දකින්නේ ඇස්, කන් කසන නිතර සොටු දියර ගලන, නිතර කිවිසුම් යන, හිසේ බර ගතිය ඇති කරන හිස කැක්කුම් දෙන රෝගයක් ලෙසයි. මෙයත් බෝ නොවන රෝග අතරට යන රෝගයක්. පීනස් රෝග වර්ග 18 ක් තිබෙන බව සිංහල වෙදකමේ එනවා. කුඩා, මහලු, ස්ත්‍රී පුරුෂ හැම කෙනකුටම පීනස වැළඳෙනවා. ශරීරයේ හිස ප්‍රදේශයට සම්බන්ධ සුළං නාල, එනම් ගලනාලය, ශ්වාසනාලය යනාදියෙහි ශ්ලේෂ්මල පටල නමැති තුනී පටක ආසාදනය වීම මේ මගින් සිදුවෙනවා. ඒ ක්‍රියාවලිය ගෙලෙහි අභ්‍යන්තරයට ඉතා නරකට බලපානවා.
ප්රශ්නය - පසුගිය සති කිහිපය තිස්සේ අප අර්ශස් රෝගය ගැන කතා කළා. අද සිට අප හඳුන්වා දීමට අදහස් කරන්නේ පීනස් රෝගයයි.
වෛද්‍ය දුමින්ද රණවීර - ඊට ප්‍රථම අපේ පාරම්පරික අර්ශස් වෙදකමේ තවත් ප්‍රතිකාරයක් කියන්නම්. මෙය අර්ශස් දැවිල්ල දරුණුවට තියෙන අයට සුදුසුයි. ඒ බෙහෙත හදන්නේ මෙහෙමයි. වැල්පෙනෙල මිටක්, රතුලූනු ගෙඩි 3-5 අතර ප්‍රමාණයක් පාවට්ටා කොළ හතරක් - පහක්, බෙහෙත් අනෝදා කොළ මිටක්, කරල්හැබ ගහේ පස් පංගුව (බෙහෙත් අනෝදා කොළ සොයා ගැනීමට අපහසුනම් එය අත්හැර දැමුවට කම්නැත. කරල්හැබ ගස් කුඩා ශාක විශේෂයකි. එයින් මිටකට සෑහෙන ප්‍රමාණයක් අරගන්න). ගෙන වංගෙඩියක දමා කොටා එළඟිතෙල් දමා මළවාගෙන මල මාර්ගයට ඇතුළු කර රැයක් එළිවන තුරු තබා ගත යුතුයි. මෙය සතියකට දින 2 ක් හෝ තුනක් කළ හැකි නම් අර්ශස් දැවිල්ල සම්පූර්ණයෙන්ම නැති කර ගත හැකියි.
දැන් අපි පීනස් රෝගය ගැන කතා කරමු. පීනස් රෝගය ගැන මතුපිටින් අප දකින්නේ ඇස්, කන් කසන නිතර සොටු දියර ගලන, නිතර කිවිසුම් යන, හිසේ බර ගතිය ඇති කරන හිස කැක්කුම් දෙන රෝගයක් ලෙසයි. මෙයත් බෝ නොවන රෝග අතරට යන රෝගයක්. පීනස් රෝග වර්ග 18 ක් තිබෙන බව සිංහල වෙදකමේ එනවා. කුඩා, මහලු, ස්ත්‍රී පුරුෂ හැම කෙනකුටම පීනස වැළඳෙනවා. ශරීරයේ හිස ප්‍රදේශයට සම්බන්ධ සුළං නාල, එනම් ගලනාලය, ශ්aවාසනාලය යනාදියෙහි ශ්ලේෂ්මල පටල නමැති තුනී පටක ආසාදනය වීම මේ මගින් සිදුවෙනවා. ඒ ක්‍රියාවලිය ගෙලෙහි අභ්‍යන්තරයට ඉතා නරකට බලපානවා. ඇස්වලට හා කන්වලට මහත්සේ පීඩා දෙනවා. පීනස සමඟ සමගාමීව උණ, උගුරේ දැවිල්ල හෙවත් ග්‍රසනිකා දාහය යනාදියන් හට ගන්නවා. පීනස මගින් නිපදවන සෙම් එක්කෝ නිතරම ගලා යනවා. එහෙමත් නැත්නම් හිරවෙනවා. කල් තබා සුව කර නොගත්තොත් මෙය නිදන්ගත රෝගයක් බවට පත් වෙනවා.
ප්රශ්නය - ඔබ කිව්වා පීනස් රෝග 18 ක් තිබෙනවා කියලා. රෝගියාට තිබෙන්නේ කවර පීනස් තත්ත්වයක් ද කියලා හඳුනා ගන්නෙ කොහොමද?
වෛද්‍ය දුමින්ද රණවීර - රෝග නිශ්චය සඳහා අපේ පාරම්පරික වෙදකම්වල ක්‍රමවේද තිබෙනවා. රෝගියා කියන විස්තර අනුව පමණක් නොව රෝගියාගේ නාසයෙන් ගලන සොටු දියර පරීක්ෂා කිරීමෙනුත් ඔහුට ඇත්තේ කවර පීනසක්ද කියා කිව හැකියි. සමහරුන්ගේ සොටු දියර සහ අඳුරු පැහැති කැබැලි ලෙස තිබෙනවා. ඇතැමකුගේ සොටු දියර කහපාටයි. තව අයකුගේ කොළ පාටයි. තව කෙනකුගේ සොටු වතුර වගෙයි. ඒ ලක්ෂණ අයත් වන්නේ එක් එක් ආකාරයේ පීනස් රෝගවලටයි. තවත් සමහර පීනස් රෝගියාගේ කට ගඳ ගසනවා. දත් මුල් දියවෙනවා. මෙයත් පීනස් වර්ගයක ලක්ෂණයක්.
ප්රශ්නය - පීනස සෑදෙන්නෙ කොහොමද?
වෛද්‍ය දුමින්ද රණවීර - පීනස කියන්නේ අසාත්මිකතාව පදනම් කරගත්ත රෝගයක්. මෙය ජාන උරුමයෙන් එන රෝගයක් ලෙස ඉස්මතු වන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම අධික ලෙස නිදි මැරීම, අවේලාවේ නෑම, අධික ලෙස නිදි මරා ස්නානය කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන යැම, ගිනියම් ආහාර දිගටම ගැනීම යනාදියෙන් මෙය වැළඳෙන්නට පුළුවන්.
ප්රශ්නය - නින්ද ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා. කෙනෙක් දිනකට පැය කිහිපයක් නිදා ගත යුතුද? දවල් දවසේ නිදාගෙන රෑ අවදිවී වැඩ කිරීම නරකද? සමහරු ඉන්නවා දහවල් සහ රාත්‍රියේ ටික ටික නිදාගන්නවා. එය කොතරම් දුරට සුදුසුද?
වෛද්‍ය දුමින්ද රණවීර - නින්ද කියන්නේ විවේකයයි. වැඩ කිරීමෙන් සහ මහන්සි වීමෙන් ගිලිහී ගිය ශක්තිය සහ ගෙවී ගිය ශාරීරික කොටස් නැවත වතාවක් යථා තත්ත්වයට පත්වන කාලය තමයි නින්ද. දිනකට කෙනකුට එක දිගට පැය හයක විතර නින්දක් අත්‍යාවශ්‍යයි.
ළදරුවන් පැය 10 -12 ක් විතර නිදාගත යුතුයි. මෙය රාත්‍රිය වෙන්නත් පුළුවන්. මෙය රාත්‍රි දවාල වෙන්නත් පුළුවන්. කොහොම වුණත් දවසකට සැරයක් නිශ්චිත වේලාවක් නින්ද අවශ්‍යයි. ඊළඟට නෑම. සෙම් කෝප අවස්ථාවක නොවේ නම් උදය වරුව තමයි නෑමට තිබෙන වඩාත්ම ගුණ දායක කාලය. සෙම් රෝග නැති අයට ඇල්වතුර ගුණදායකයි. සෙම් රෝග තිබෙන අයට ඇල්වතුර අගුණයි. ඔවුන් ස්නානය කළ යුත්තේ උණු වතුරෙනි. හැබැයි හැකි තරම් උදෙන් නාන්න ඕනෑ. පාන්දර හතරට පහට වුණත් කමක් නැහැ. රාත්‍රි කාලයේදී නෑවම වෙන්නේ තෙතමනය හිසට උරාගෙන සෙම් ගතිය වැඩි කරන එකයි.
ප්රශ්නය - මත්පැන් පානයත් මෙයට බලපානවාද?
වෛද්‍ය දුමින්ද රණවීර - අධිකව මත්පැන් පානය. ඒ කියන්නෙ නිතිපතා බේබද්දෙකු මෙන් මත්පැන් පානය කිරීම නිසා පීනස හැදෙන්න පුළුවන්.
ප්රශ්නය - මත්පැන් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් තිබෙනවා. සමහරු කියනවා මම බොන්නෙ බීර ටිකක් විතරයි කියලා. හැබැයි දවසකට බීර බෝතල් තුනක් හතරක් බොනවා. තව කෙනෙක් කියනවා මම බොන්නේ අරක්කු චුට්ටක් විතරයි කියලා. හැබැයි රෑට අරක්කු භාගයක් බොනවා. මේ අනුව බීර බොන මිනිහා මාසයක බීර බෝතල් සියයක් විතරත්, අවුරුද්දට බීර බෝතල් 1200 ක් විතරක් බොනවා. අරක්කු බොන තැනැත්තා මාසයකට බෝතල් 15 ක් බොනවා. අවුරුද්දට බෝතල් 180 ක් හෙවත් අරක්කු ගැලුම් 25 ක් විතරක් බොනවා. මෙය ඔබ දකින්නේ කවරාකාරයකින්ද?
වෛද්‍ය දුමින්ද රණවීර - ආයුර්වේදය සහ සිංහල වෙදකමට අනුව මත්පැන් කියන්නෙ බෙහෙතක්. සෑම අරිෂ්ටයකම මත්පැන් ස්වල්ප මාත්‍රාවක් තිබෙනවා. ඒ කියන්නේ පිටින් දානවා නොවෙයි. අරිෂ්ට පෙරද්දී මත්පැන් හැදෙනවා. මත්පැන් සහිත ඖෂධ වහාම ශරීරයට උරා ගන්නවා. පෙරදිග වෙදකමේ ශරීරයට මත්පැන් අවුන්ස 2 ක උපරිමයක් තමයි දෙන්නට ශරීරයට සුදුසු වන්නේ. ඒත් මත්පානය නොකර ඉන්න තරමට හොඳයි.
(ලබන සතියේදී පීනසට ගෙදරදීම ප්‍රතිකාර)
(නොමිලේ උපදෙස් සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.)
Wmqgd .ekSu kj,sh mqj;a m; weiqfrks